top of page

සාදරයෙන් පිළිගනිමු

මූලික මනෝසමාජයීය කුසලතා පුහුණුව

මෙය, COVID-19 පළමු පෙළ සහාය සපයන්නන් වන ඔබ සහ ඔබේ ප්‍රතිලාභීන් ගැන සැලකිලිමත් වීමට උපකාර කිරීම සඳහා වන මූලික මනෝසමාජයීය කුසලතා පිළිබඳ කෙටි පාඨමාලාවකි. මෙම පාඨමාලාව ඒකක පහකින් සමන්විත වේ. ඒවා නම්: 1) ඔබේ යහපැවැත්ම, 2) දෛනික ජීවිතයට අවශ්‍ය වන උපකාරක සන්නිවේදනය 3) ප්‍රායෝගික සහාය ලබා දීම, 4) ආතතියට (මානසික වෙහෙසට) පත්වූවන්ට සහය දීම සහ 5) විශේෂිත තත්වයන්හි දී පුද්ගලයින්ට සහාය ලබා දීම වේ. මෙම පාඨමාලාව මූලික වශයෙන් නිර්මාණය කර ඇත්තේ COVID-19 වසංගත කාලයේදී ප්‍රතිචාර දක්වන්නන්ට සහාය වීම සඳහා වන නමුත්, මෙම කුසලතා වෙනත් ව්‍යවසන තත්වයන්හි දී ද, ප්‍රතිචාර දැක්වීම සඳහා යොදාගත හැකි වේ.

සිංහල : Text
WhatsApp%20Image%202020-09-11%20at%2012.
සිංහල : Image

මෙම පාඨමාලාවට ලියාපදිංචි වන්නේ කෙසේද?

සිංහල : Text
Screenshot 2021-08-06 at 10.17.49.png
සිංහල : Image
සිංහල : Text

පාඨමාලාවෙහි විස්තර

පළමුවන ඒකකය

ඔබේ යහපැවැත්ම

ඔබේ යහපැවැත්ම ගැන සැළකිලිමත් වන අතරතුර තවත් පුද්ගලයෙකුට සහාය දැක්වීමේ ප්‍රධාන කරුණු පිළිබඳ මූලික හැඳින්වීමක් ලබා දෙනු ලැබේ.

දෙවන ඒකකය

උපකාරක සන්නිවේදනය

ව්යවසනකාරී අවස්ථාවන්හි දී සහ දෛනික ජීවිතයේ සිදුකරන අන්තර් ක්රියාකාරකම් වලදී අන්යයන් සමඟ සම්බන්ධ වීමට ඉතා වැදගත් වන, උපකාරක සන්නිවේදනය පිළිබඳ මෙම ඒකකය තුළින් සාකච්ඡා කරනු ලැබේ.

තුන්වන ඒකකය

ප්‍රායෝගික සහාය ලබා දීම

ප්‍රායෝගික සහාය ලබා දීම, මූලික මනෝසමාජයීය කුසලතාහි ප්‍රධාන අංගයක් වේ. මෙම ඒකකයෙහි විවිධ ආකාරවලින් උදව් කළ හැකි ක්‍රම මෙනෙහි කිරීමට සහ සමාලෝචනය කිරීමට ඔබ වෙත සිදුවීම් අධ්යයන 2 ක් සපයා ඇත.

හතරවන ඒකකය

ආතතියට පත්වූවන්ට සහය දීම

එකම සිදුවීමකට, විවිධ පුද්ගලයින්, විවිධ ආකාරයෙන් ප්‍රතික්‍රියා දැක්විය හැකිය. ආතතියට පත්වූවන්ට සහයදීමේදි සැළකිය යුතු අංග බොහෝමයක් ඇත. සපයා ඇති සිද්ධිය නරඹා මෙය ඔබගේ අත්දැකීමට අදාළ වන්නේ කෙසේදැයි සිතා බලන්න.

පස්වන ඒකකය

විශේෂිත තත්ත්වයන්

විවිධ ප්‍රජාවන් හි ජීවත්වන පුද්ගලයින්ට සහාය දැක්වීමේ දී ඔබ විසින් සලකා බැලිය යුතු විශේෂිත වූ අවස්ථා සැමවිටම තිබේ.

සිංහල : List

අර්බුදකාරී තත්වයන්හි දී සම්බන්ධ විය හැකි මූලික සේවාවන්

 ව්‍යවසන අවස්ථාවන්හි දී මිනිසුන්ට උපකාර කිරීම සඳහා, බොහෝ විට, වෙනත් සේවා සපයන්නන් හා සම්බන්ධ වීම වැදගත් වෙනවා. මෙහි දී,  ඉතා වැදගත් පියවරක් වන්නේ, ඔබට හෝ ඔබ උපකාර කරන පුද්ගලයින්ට අවශ්‍ය වන, වඩාත් සුදුසු සේවාවන් වෙත ළගා වීමට ඇති හැකියාව තහවුරු කරගැනීමයි.

සිංහල : Text

ස්තුතිය

මෙම පාඨමාලාව ආසියානු පදනම සහ The Good Practice Group විසින් The Lotus Circle හි සහය ඇතිව සංවර්ධනය කර ඇත. මෙහි අන්තර්ගතය “මූලික මනෝසමාජයීය කුසලතා: COVID-19 ප්‍රතිචාර දක්වන්නන් සඳහා මාර්ගෝපදේශයක්” යන අන්තර්-නියෝජිත ස්ථාවර කමිටුව (IASC) හි ප්‍රකාශනයෙන් අනුවර්තනය කරන ලදි. පාඨමාලාවෙහි අන්තර්ගතය අනුවර්තනය හා සැලසුම් කිරීම තිවියා කන්දයියා, සබ්රිනා කාදර්,නිලුෂ්කා පෙරේරා, කුසලා වෙත්තසිංහ සහ ආනන්ද ගලප්පත්ති විසින් සිදු කරන ලදී. මෙම අනුවර්තනය,සයිසනාදනි ශ්‍රීධරන් සහ තිවියා කන්දයියා විසින් ද්‍රවිඩ භාෂාවට ද උවසරා අරඹේවෙල වීරකෝන් සහ හස්නා ෆයිස් විසින් සිංහල භාෂාවට ද පරිවර්තනය කර ඇත. මෙම පාඨමාලාවේ ඇති වීඩියෝ පටවල පසුබිම් කථනය සිදු කර ඇත්තේ තිවියා කන්දයියා, පුන්‍යමූර්ති ජෙයදීපා, ආලෝක වීරසේකර සහ ආනන්ද ගලප්පත්ති විසිනි.

මෙම පරිවර්තනය / අනුවර්තනය අන්තර්-නියෝජිත ස්ථාවර කමිටුව විසින් නිර්මාණය කරන ලද්දක් නොවේ. මෙම පරිවර්තනයේ / අනුවර්තනයේ අන්තර්ගතය හෝ නිරවද්‍යතාව සම්බන්ධයෙන් අන්තර්-නියෝජිත ස්ථාවර කමිටුව  වගකියනු නොලැබේ. ‘අන්තර්-නියෝජිත ස්ථාවර කමිටුව, මූලික මනෝසමාජයීය කුසලතා: COVID-19 ප්‍රතිචාර දක්වන්නන් සඳහා මාර්ගෝපදේශයක්.’ යන 2020 වසරේ දී ප්‍රකාශයට පත් කරන ලද මූලික ඉංග්‍රීසි සංස්කරණය, අව්‍යාජ සංස්කරණය වනු ඇත. 

මෙම පරිවර්තනය / අනුවර්තනය මුල් ප්‍රකාශනයේ බලපත්‍රය යටතේම ප්‍රකාශයට පත් කර ඇත: CC BY-NC-SA 3.0 IGO (https://creativecommons.org/licenses/by-nc-sa/3.0/).

සිංහල : Text
bottom of page