top of page

සාදරයෙන් පිළිගනිමු

මූලික මනෝසමාජයීය කුසලතා පුහුණුව

මෙය, COVID-19 පළමු ප්‍රතිචාරකයින් වන  ඔබ, සහ ඔබේ ප්‍රතිලාභීන් ගැන සැලකිලිමත් වීමට උපකාර කිරීම සඳහා වන මූලික මනෝසමාජයීය කුසලතා පිළිබඳ කෙටි පාඨමාලාවකි. මෙම පාඨමාලාව ඒකක පහකින් සමන්විත වේ. ඒවා නම්: 1) ඔබේ යහපැවැත්ම, 2) දෛනික ජීවිතයට අවශ්‍ය වන උපකාරක සන්නිවේදනය 3) ප්‍රයෝගික සහාය ලබා දීම, 4) ආතතියට (මානසික වෙහෙසට) පත්වූවන්ට සහය දීම සහ 5) විශේෂිත තත්වයන්හි දී පුද්ගලයින්ට සහාය ලබා දීම වේ. මෙම පාඨමාලාව මූලික වශයෙන් නිර්මාණය කර ඇත්තේ COVID-19 ප්‍රතිචාර දක්වන්නන්ට සහාය වීම සඳහා වන නමුත්, මෙම කුසලතා වෙනත් ව්‍යවසන තත්වයන්හි දී ද, ප්‍රතිචාර දැක්වීම සඳහා යොදාගත හැකි වේ.

WhatsApp%20Image%202020-09-11%20at%2012.

පළමුවන ඒකකය

ඔබේ යහපැවැත්ම

මෙම ඒකකය තුළින් ඔබේ යහපැවැත්ම ගැන සැලකිලිමත් වන අතරතුර තවත් පුද්ගලයෙකුට සහාය දැක්වීමේ ප්‍රධාන කරුණු පිළිබඳ මූලික හැඳින්වීමක් ලබා දෙනු ලැබේ.

  • 1.1 ඔබේ යහපැවැත්ම: හැඳින්වීම

  • 1.2 ඔබේ යහපැවැත්ම: ආතතියේ රෝග ලක්ෂණ හඳුනා ගැනීම

  • 1.3 ඔබේ යහපැවැත්ම: ඔබ ගැන සැලකිලිමත් වීම


මෙම වීඩියෝ 3 නැරඹීමෙන් පසුව, ඔබ ලබාගත් දැනුම උපයෝගී කරගනිමින් මේ සමග දී ඇති සිද්ධීන්  අධ්‍යයනය කරන්නේ කෙසේදැයි බලන්න

Basic Psychosocial Skills (Sinhala) Module 1 (1/3)
06:19
Basic Psychosocial Skills ( Sinhala) Module 1 (2/3)
04:39
Basic Psychosocial Skills ( Sinhala) Module 1 (3/3)
07:40
Module 1 (Sinhala) Case Study
02:18

දෙවන ඒකකය

උපකාරක සන්නිවේදනය

ව්‍යවසනකාරී අවස්ථාවන්හි දී සහ දෛනික ජීවිතයේ  සිදුකරන අන්තර් ක්‍රියාකාරකම් වලදී අන්‍යයන් සමඟ සම්බන්ධ වීමට ඉතා වැදගත් වන, උපකාරක සන්නිවේදනය පිළිබඳ මෙම ඒකකය තුළින් සාකච්ජා කරනු ලැබේ. 

මෙම ඒකකයට අයත් කොටස් නම්:

  • 2.1 එදිනෙදා ජීවිතයට අවශ්‍යවන උපකාරක සන්නිවේදනය: හැඳින්වීම 

  • 2.2 එදිනෙදා ජීවිතයට අවශ්‍යවන උපකාරක සන්නිවේදනය: සවන් දීමට ඉගෙනීම

  • 2.3 එදිනෙදා ජීවිතයට අවශ්‍යවන උපකාරක සන්නිවේදනය: දුරස්ථ සහාය ලබා දීම


මෙම කොටස් සම්පූර්ණ කිරීමෙන් පසුව, මේ සමග ලබා දී ඇති සිද්ධීන් අධ්‍යයනය කර ඔබ ඉගෙන ගත් දෑ මෙනෙහි කරන්න. 

Basic Psychosocial Skills ( Sinhala) Module 2 (1/3)
11:45
Basic Psychosocial Skills ( Sinhala) Module 2 (2/3)
09:52
Basic Psychosocial Skills ( Sinhala) Module 2 (3/3)
05:18
Module 2 (Sinhala) Case Study 1
01:40
Module 2 (Sinhala) Case Study 2
01:42
Module 2 (Sinhala) Case Study 3
02:28

තුන්වන ඒකකය

ප්‍රායෝගික සහාය ලබා දීම

ප්‍රායෝගික සහාය ලබා දීම, මූලික මනෝසමාජයීය කුසලතාහි ප්‍රධාන අංගයක් වේ. මෙම ඒකකයයෙහි පහත සඳහන් මාතෘකා ආවරණය කරනු ලැබේ. 


  • 3.1 තොරතුරු සහ අවශ්‍ය මූලික දෑ සැපයීම

  • 3.2 අන් අය හා සම්බන්ධ කිරීම

  • 3.3 තමන්ගේ වැඩ තමන් විසින්ම කරගැනීම සඳහා, අන් අයට උපකාරි වීම


මෙම ඒකකයෙහි විවිධ ආකාරවලින් උදව් කළ හැකි ක්‍රම මෙනෙහි කිරීමට සහ සමාලෝචනය කිරීමට ඔබ වෙත සිදුවීම් අධ්‍යයන  2 ක් සපයා ඇත. 

Basic Psychosocial Skills ( Sinhala) Module 3 (1/3)
08:43
Basic Psychosocial Skills ( Sinhala) Module 3 (2/3)
04:06
Basic Psychosocial Skills (Sinhala) Module 3 (3/3)
03:39
Module 3 (Sinhala) Case Study 1
01:37
Module 3 (Sinhala) Case Study 2
03:39

හතරවන ඒකකය

ආතතියට පත්වූවන්ට සහය දීම

එකම සිදුවීමකට, විවිධ පුද්ගලයින්, විවිධ ආකාරයෙන් ප්‍රතික්‍රියා දැක්විය හැකිය. ආතතියට පත්වූවන්ට සහයදීමේදි සැලකිය යුතු අංග බොහෝමයක් ඇත. 


මෙම ඒකකය පහත සඳහන් කොටස් වලින් සමන්විත වේ: 

  • 4.1 ආතතියට පත්වූවන්ට සහය දීම: හැඳින්වීම 

  • 4.2 සාමාන්‍ය ආතතියෙන් පෙළෙන පුද්ගලයින්ට සහාය දැක්වීම

  • 4.3 තීව්‍ර ආතති ප්‍රතික්‍රියා හඳුනා ගැනීම

  • 4.4 තදබල ලෙස පීඩාවට පත්ව සිටින පුද්ගලයින්ට සහාය දැක්වීම

  • 4.5 මතක තබා ගත යුතු වැදගත් කරුණු


සපයා ඇති සිද්ධිය නරඹා මෙය ඔබගේ අත්දැකීමට අදාළ වන්නේ කෙසේදැයි සිතා බලන්න.

Basic Psychosocial Skills (Sinhala) Module 4 (1/5)
06:30
Basic Psychosocial Skills (Sinhala) Module 4 (2/5)
04:53
Basic Psychosocial Skills (Sinhala) Module 4 (3/5)
03:19
Basic Psychosocial Skills (Sinhala) Module 4 (4/5)
06:20
Basic Psychosocial Skills (Sinhala) Module 4 (5/5)
02:28
Module 4 Case Study (Sinhala)
02:09

පස්වන ඒකකය

විශේෂිත තත්ත්වයන්

විවිධ ප්‍රජාවන් හි ජීවත්වන පුද්ගලයින්ට සහාය දැක්වීමේ දී ඔබ විසින් සලකා බැලිය යුතු විශේෂිත වූ අවස්ථා සැමවිටම තිබේ. මෙම ඒකකයෙහි පහත සඳහන් මාතෘකා ආවරණය කරනු ලැබේ: 

5.1 විශේෂිත තත්වයන්හි සිටින පුද්ගලයින්ට සහාය ලබා දීම: අවධානමට ලක්විය හැකි පුද්ගලයින් හඳුනා ගැනීම

5.2 අවධානමට ලක්විය හැකි කණ්ඩායම්

5.3 අවධානම්  සහිත තත්ත්වයන්වල පුද්ගලයින්ට සහාය වීම

Basic Psychosocial Skills (Sinhala) Module 5 (1/3)
05:24
Basic Psychosocial Skills (Sinhala) Module 5 (2/3)
07:44
Basic Psychosocial Skills (Sinhala) Module 5 (3/3)
02:02

ඔබ ඒකක සියල්ල සම්පූර්ණ කර ඇත්ද?

සියලු ඒකකයන් සම්පූර්ණ කළ පසු, ඔබ කොපමණ ප්‍රමාණයක් ඉගෙන ගෙන ඇත්දැයි පරීක්ෂා කිරීමට මෙම අවසාන සමීක්ෂණය සම්පූර්ණ කරන්න! ”

අර්බුදකාරී තත්වයන්හි දී සම්බන්ධ විය හැකි මූලික සේවාවන්

 ව්‍යවසන අවස්ථාවන්හි දී මිනිසුන්ට උපකාර කිරීම සඳහා, බොහෝ විට, වෙනත් සේවා සපයන්නන් හා සම්බන්ධ වීම වැදගත් වෙනවා. මෙහි දී,  ඉතා වැදගත් පියවරක් වන්නේ, ඔබට හෝ ඔබ උපකාර කරන පුද්ගලයින්ට අවශ්‍ය වන, වඩාත් සුදුසු සේවාවන් වෙත ළගා වීමට ඇති හැකියාව තහවුරු කරගැනීමයි.

ස්තුතිය

මෙම පාඨමාලාව ආසියානු පදනම සහ The Good Practice Group විසින් The Lotus Circle හි සහය ඇතිව සංවර්ධනය කර ඇත. මෙහි අන්තර්ගතය “මූලික මනෝසමාජයීය කුසලතා: COVID-19 ප්‍රතිචාර දක්වන්නන් සඳහා මාර්ගෝපදේශයක්” යන අන්තර්-නියෝජිත ස්ථාවර කමිටුව (IASC) හි ප්‍රකාශනයෙන් අනුවර්තනය කරන ලදි. පාඨමාලාවෙහි අන්තර්ගතය අනුවර්තනය හා සැලසුම් කිරීම තිවියා කන්දයියා, සබ්රිනා කාදර්,නිලුෂ්කා පෙරේරා, කුසලා වෙත්තසිංහ සහ ආනන්ද ගලප්පත්ති විසින් සිදු කරන ලදී. මෙම අනුවර්තනය,සයිසනාදනි ශ්‍රීධරන් සහ තිවියා කන්දයියා විසින් ද්‍රවිඩ භාෂාවට ද උවසරා අරඹේවෙල වීරකෝන් සහ හස්නා ෆයිස් විසින් සිංහල භාෂාවට ද පරිවර්තනය කර ඇත. මෙම පාඨමාලාවේ ඇති වීඩියෝ පටවල පසුබිම් කථනය සිදු කර ඇත්තේ තිවියා කන්දයියා, පුන්‍යමූර්ති ජෙයදීපා, ආලෝක වීරසේකර සහ ආනන්ද ගලප්පත්ති විසිනි.

මෙම පරිවර්තනය / අනුවර්තනය අන්තර්-නියෝජිත ස්ථාවර කමිටුව විසින් නිර්මාණය කරන ලද්දක් නොවේ. මෙම පරිවර්තනයේ / අනුවර්තනයේ අන්තර්ගතය හෝ නිරවද්‍යතාව සම්බන්ධයෙන් අන්තර්-නියෝජිත ස්ථාවර කමිටුව  වගකියනු නොලැබේ. ‘අන්තර්-නියෝජිත ස්ථාවර කමිටුව, මූලික මනෝසමාජයීය කුසලතා: COVID-19 ප්‍රතිචාර දක්වන්නන් සඳහා මාර්ගෝපදේශයක්.’ යන 2020 වසරේ දී ප්‍රකාශයට පත් කරන ලද මූලික ඉංග්‍රීසි සංස්කරණය, අව්‍යාජ සංස්කරණය වනු ඇත. 

මෙම පරිවර්තනය / අනුවර්තනය මුල් ප්‍රකාශනයේ බලපත්‍රය යටතේම ප්‍රකාශයට පත් කර ඇත: CC BY-NC-SA 3.0 IGO (https://creativecommons.org/licenses/by-nc-sa/3.0/).

    bottom of page